සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිස්ටම් වෙනස සහ ඊට භාවිතා කරන බව පැවසූ ටූල්ස් කොහේදැයි ජනාධිපතිවරයාගෙන් විමසනවා – මොරටුව නාගරික මන්ත්‍රී ලිහිණි ප්‍රානාන්දු

Podu රටේ තාවකාලික භාරකරුවන් පමණක් වන ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හෝ ආණ්ඩුවට අත්තනෝමතික ලෙස පරිසරය විනාශ කළ නොහැකි බවත් ජනතාවට පමණක් අයත් පරිසරය විනාශ කිරීම අප දැඩිව හෙළාදකින බවත් අනාගත දරු පරපුරට හුස්ම ගැනීම සඳහා රටක් පැවතිය යුතු බවත් මොරටුව මහ නගර සභා මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියි. ඊයේ (24) විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළකර සිටියේය.

මෙහිදී ලිහිණි ප්‍රනාන්දු මහත්මිය පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

පරිසරය විනාශ කිරීමේ වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අප දැඩිව හෙළාදකිනවා. මෙම තත්ත්වයට එරෙහිව එක්ව පෙළගැසෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සිංහරාජ වනාන්තරය තුළ අක්කර 05 ක වැව් දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් චීන සමාගමකට ලබාදී ඇති බව වාර්තා වනවා. සිංහරාජය තුළ වැව් ඉදිකිරීමේ මෙම තීරණය ගැන අප කණගාටු වනවා.

05/2001 චක්‍රලේඛය අහෝසිකිරීම මත ප්‍රාදේශීය දේශපාලඥයින්ට ලබාදී තිබෙන අවසරය හේතුවන් රට පුරා මෙවැනි පරිසර විනාශයක් සිදුවන්නේදැයි යන ගැටළුව පැනනඟිනවා. පරිසර විනාශය වැළැක්වීම ජනාධිපතිවරයාගේ වගකීමක් වනමුත් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ නොගන්නේ මන්දැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටිනවා.

පරිසර විනාශය පිළිබඳ අදහස් පළකල භාග්‍ය දැරියගේ අදහස්වල සත්‍යතාවය සොයාබැලිය යුතු නමුත් එවැන්නක් සිදුනොකර ඇයගේ ප්‍රකාශ සටහන් කරගැනීමට පමණක් නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙය භාෂණයේ නිදහසට සෘජුව පහරදීමක්.

ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ අප දැඩිව කණගාටු වනවා. එම යෝජනාව තුළ යුද සමයේදී සිදුවූ බව පැවසෙන සිදුවීම් වලට අදාළ කරුණු පමණක් නොව වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු මෙරට තුළ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් කඩවීම්වලට අදාළ සිදුවීම් සම්බන්ධයෙන්ද කරුණු සඳහන්ව තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවූ පසුව අධිකරණයට සිදුව ඇති බලපෑම, ඇතැම් නඩු වලින් පුද්ගලයින් නිදහස් කරමින් ලබාදී ඇති තීන්දු, ශානි අබේසේකර වැනි නීතියට අනුව කටයුතු කළ පිරිස්වලට එරෙහිව ආණ්ඩුව දියත් කර තිබෙන ක්‍රියාමාර්ග, රාජ්‍ය පරිපාලනය මිලිටරිකරණය කරා ගමන්කිරීම ආදී කරුණු රැසක් මෙම වාර්තාවේ සඳහන් වනවා.

වගකීම සහ වගවීම අනුව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙමින් 2009 දී මෙරටට පැමිණි බෑන්කී මූන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර ගිවිසුමක් ඇතිවුනා. 30 (1) යෝජනාව සමත්ව මෙරටට අහිමිව සහන රැසක් නැවත ලබාගැනීමට පසුගිය යහපාලන ආණ්ඩුවට හැකිවූ නමුත් එම යෝජනාවෙන් ඉවත්ව 20 වන ආණ්ඩුක්‍රම සම්මත කරගත් වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස රට පාලනය කිරීම නිසා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති අකමැත්ත ලෝකය ඉදිරියේ ප්‍රකාශ කර අවසන් බැවින් මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. නිසි විදෙස් ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

චීනයට ගැතිව කටයුතු කිරීම නිසා ඉන්දියාව සහ ජපානය වැනි මිතුරු රටවල් අප සමඟ අමනාප වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, චීනයේ කොළණියක් බවට පත්වෙමින් තිබෙනවා. ඇතිව තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමක් සිදුවිය හැකියි. මානව හිමිකම් ආරක්ෂා කරන බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වා අහිතකර බලපෑමක් එල්ල නොවන ලෙස කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි. මෙරටට ආදායම් හිමිවන ආනයන සහ විදෙස් ණය පිළිබඳ වත්මන් ආණ්ඩුවට අමතකව ගොස් තිබෙනවා.

ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට අවශ්‍යව ඇත්තේ දේශපාලනය පමණයි. ආණ්ඩුවට සහාය දුන් හැටනව ලක්ෂයක ප්‍රමාණය දේශපාලනමය ලෙස චූන්කිරීම පමණක් සිදුවෙමින් පවතිනවා.

බදුල්ල, පස්සර ප්‍රදේශයේදී බස්රථයක් අනතුරට පත්වීමට හේතුවූ මාර්ගයට වැටී තිබූ ගල, මාස 06 ක් ගතව ඇතත් ඉවත් කිරීමට කටයුතු කර නෑ. අදාළ ප්‍රාදේශීය සංවර්ධන කමිටු එම ගල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුනොකළේ මන්දැයි විමසනවා. අදාළ නිලධාරීගෙන් මෙතෙක් ප්‍රකාශ ලබාගෙන නෑ. නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.

බලයට පැමිණීමේදී ක්‍රියාත්මක කරන බව පැවසූ සිස්ටම් සහ ඊට භාවිතා කරන බව පැවසූ ටූල්ස් කොහේදැයි ජනාධිපතිවරයාගෙන් විමසීමට සිදුව තිබෙනවා. ජනතාව මෙවැනි පාලනයක් බලාපොරොත්තු වූනේ නෑ. ඒ අනුව වත්මන් ආණ්ඩුව සෑම අංශයකින්ම ෆේල් බව පැවසිය හැකියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට