බස්නාහිර පළාතේ ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් 1120 ක් දැලේ..
ඊයේ (28) උදෑසන 07 සිට සවස 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,120 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 47 ක් , අධිකරණ මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් 418 ක් සහ දුෂණ වැරදි සම්බන්ධ සැකකරුවන් 549 දෙනෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.