සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව නිරතව සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව තුළින් මෙරට නීතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාවලිය අභියෝගයකට ලක්වන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (20) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

මේ වනවිට රට අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. දූෂණ සහ වංචාවන් පිළිබඳ චෝදනා එල්ලව තිබෙන වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් නිදහස් කරන්නැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාව තුළින් නිර්දේශ ලබාදී තිබෙනවා. යම් වරදකට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ ඔප්පු කළ හැකි කරුණු සහ අදාළ සාක්ෂි පිළිබඳ සෑහීමකට පත්වීමෙන් පසුවයි. ඒ අනුව අදාළ චෝදනා ඉවත් කරගැනීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණයි. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් පවතින නමුත් එම සියළු ක්‍රමවේදයන්ගෙන් බැහැරට ගොස් ජනාධිපතිවරයාගේ අභිමතය මත පමණක් පත්කරන ලද කොමිෂන් සභාවක නිර්දේශ මඟින්, යම් යම් වරදවල් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තමන්ට හිතවත් පිරිස් නිදහස් කරගැනීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. මෙරට අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන ලද දඬුවම් සහ තීන්දු ඉවත් කරගන්නා ලෙස කොමිෂන් සභාවක් විසින් නිර්දේශ ලබාදීම, මෙරට නීතියට සහ අධිකරණය වෙත දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමක්. ආණ්ඩුවට අභියෝග කරන විපක්ෂයේ දේශපාලඥයින් දේශපාලනයෙන් ඉවත් කිරීමට මෙන්ම එම පිරිසගේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීම සඳහාත් නිර්දේශ ලබාදී ඇති මෙම කොමිසම, සිය සීමාව අභිබවා කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීති, අර්ථ නිරූපනය කිරීම සඳහා අධිකරණයට බලය පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දු, අවසාන තීන්දුවක් ලෙස සලකන බැවින් ඉන් ඔබ්බට කිසිදු තීන්දුවක් නෑ. නමුත් එවැනි තීන්දු වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක නිරතව සිටිනවා. අපරාධ, දූෂණ සහ වංචා පිළිබඳ චෝදනා එල්ල කිරීම, දේශපාලන පළිගැනීම් ලෙස අර්ථ ගන්වමින් නඩු පැවරූ නීතිපතිවරයා, විනිසුරුවරුන් සහ විමර්ශන පවත්වන ලද නිලධාරීන් වරදකරුවන් බවට පත්කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වූ විට ආණ්ඩුව මෙලෙස හැසිරෙනවා. 2017 වසරේදී “ඉකොනොමික් ඉන්ටෙලිජනස්” නම් ආර්ථික දර්ශකයේ 62 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, අද වන විට 68 වන ස්ථානයට පත්ව තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරටට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සත්‍ය බව ඔප්පු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මෙම තත්ත්වය පිළිබඳ අවධියෙන් සිටින්නැයි මෙරට ජනතාවට අවධාරණය කරනවා.

අපි වරාය නගර ව්‍යාපෘතියේ යහපත් කොටස දකින නමුත් එම ව්‍යාපෘතිය තුළින් වෙනම ඊළමක් ලෙස නිදහසක් ලබාදීමට අප දැඩි විරෝධය පළකරනවා. වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කිරීම, මූලික සැලැස්ම තුළ පැවති තත්ත්වයෙන් වෙනස්වී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අදාළ සාමාජිකයින් පත්කිරීමට හැකියි. ඒ අනුව කොන්දේසි විරහිත යටත් වීමක් සිදුවනවා. ඒ අනුව වරාය නගර ව්‍යාපෘතිය තුළ පවතින රටට අයහපත් කොන්දේසි ආදියට පමණක් විරෝධය පළකරනවා. එහි ප්‍රතිපත්ති වලට අප එරෙහි වන්නේ නෑ. රට අඳුරට පත්කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩුව බලයට ගෙන ආ සංඝයා වහන්සේලා ඇතුළු සියළුදෙනා දැඩි කළකිරීමකට පත්ව සිටිනවා.

මේ වනවිට මාධ්‍යවේදීන්ට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සංඝයා වහන්සේලාටද විවිධ දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙනවා. ආණ්ඩුව තුළම ආණ්ඩුවට එරෙහිව නැඟීසිටීමක් සිදුවෙමින් පවතිනවා. මේ වනවිට රට තුළ ඇත්තේ ආණ්ඩුවේ අධිපතිවාදී ගමනට ආවඩන සහ එම ගමන වැළැක්විය යුතුය යන මතයේ සිට ජනතා අයිතීන් වෙනුවෙන් පෙනීසිටින යන කඳවුරු දෙක පමණයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාද පහත පරිදි අදහස් දක්වන ලදී.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට හිමිව තිබෙන වාසි මොනවාදැයි මෙන්ම මේ වනවිට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේදැයි විමසීමට සිදුව තිබෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනය තුළ පවතින රටට අහිතකර තත්ත්වයන් පිළිබඳ අප මුල සිට කරුණු රැසක් හෙළිකළා. පාර්ලිමේන්තුවට, අධිකරණයට සහ ස්වාධීන කොමිෂන් සභාවන්ට නිදහසේ කටයුතු කිරීම සඳහා රට තුළ අවස්ථාවක් පවතින්නේ දැයි විමසීමටද සිදුවනවා.

වත්මන් ආණ්ඩුවේ පාලනය තුළ සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි රැසක් ඉදිරිපත් කළා. නමුත් එම පැමිණිලි සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදුවන්නේ දැයි යන ගැටළුව මතුව තිබෙනවා. ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩු, පැමිණිල්ල විසින්ම ඉල්ලා අස්කරගන්නා තත්ත්වයක් මතුව තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා සතුව පැවති බලතල, විධායකයට නතුවීම හරහා එක් පාර්ශවයකට පමණක් වාසි ලැබෙන ලෙස කටයුතු සිදුවෙමින් තිබෙන බවක් පෙනීයනවා.

විස සහිත පොල් තෙල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසනවා. එම පොල් තෙල් වලින් කොටසක් ප්‍රති අපනයනය කර ඇතැයි පැවසෙනවා. එම පොල් තෙල් මෙරටට ගෙන්වූ පිරිසට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂයණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි වලට සිදුව ඇත්තේ කුමක්දැයි විමසීමට සිදුවනවා. දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇතැම් පිරිස් වෙත තර්ජනය කිරීමට විධායකය කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ට එසේ තර්ජනය කිරීම අවාසනාවන්ත තත්ත්වයක්. ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් ගෙන තමන්ට තර්ජනය කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාම මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවා. අවශ්‍ය සියළු බලය ලබාගත් වත්මන් ආණ්ඩුව, ජනතා ගැටළු සඳහා විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නෑ.

බදු පැනවීම සම්බන්ධයෙන් කටයුතු කරන මුදල් අමාත්‍යංශය, සීනි බදු වංචාවට සම්බන්ධ බව පැවසිය හැකියි. බදු පහළ දමා මෙරටට සීනි ගෙන්වීමේදී විශාල මුදල් වංචාවක් සිදුව ඇතැයි මුදල් ලේකම්වරයාම පිළිගත්තා. සීනි බදු පහළ දැමීමේ වාසිය ලබාගත්තේ ජනතාව නොව ආණ්ඩුවේ ගජ මිතුරනුයි. විස සහිත පොල් තෙල් ගැටළුවට අමතරව බදු සහනයක් ලබාදී මෙරටට පොල් තෙල් ගෙන්වීම තුළින්ද විශාල වංචාවක් සිදුවුනා. එහිදී ද ජනතාවට සහනයක් ලැබුනේ නෑ. මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙතෙක් නිවැරදි පිළිතුරක් ලබාදී නෑ. වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් වැඩි වශයෙන්ම පෙනීසිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා, 2015 ට පෙර මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන බැඳුම්කර ගනුදෙනුවලදී විශාල වංචාවක් සිදුව තිබෙන බව අදාළ වෝහාරික පරීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් යනු විවිධ චෝදනා රැසක් එල්ලවී තිබෙන අයෙක්. 2016 වසරේ සිට සිය පුතා වරාය නගරයට සම්බන්ධ රැකියාවක නිරතව සිටින බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පිළිගෙන තිබෙනවා. ඒ මහතා වරාය නගරය පිළිබඳව නිරන්තරයෙන් සිටින්නේ රටට ආදරයෙන්දැයි යන ගැටළුව ඒ අනුව මතුවනවා. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුතා මුදල් අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස රැකියාවක නිරතව වැටුප් ලබාගන්නා බවටද තොරතුරු වාර්තා වනවා. වරාය නගරය පිළිබඳ මෙතරම් අදහස් පළකරන්නේ සිය පුතා නිසාදැයි ඒ මහතාගෙන් විමසනවා. ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වරාය නගරය සම්බන්ධයෙන් සිය පුද්ගලික මට්ටමෙන් මැදිහත්ව අදහස් පළකරන බවක් මෙන්ම ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ඉදිරියට පැමිණ විවිධ අදහස් දක්වන්නේ පුද්ගලික වාසිය තකා කටයුතු කරන පිරිසක් බවද පෙනීයනවා.

රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීමට සඳහා අප විශාල කාර්යයක් සිදුකළා. තමන්ව නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්නැයි රන්ජන් රාමනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එවැනි ඉල්ලීමක් කරන්නේ නම් ඊට මැදිහත්ව, අවශ්‍ය කටයුතු සිදුකිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමයි. අපගේ මන්ත්‍රී කණ්ඩායම ද එය පිළිගන්නවා. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගන්නේ නම් ඊට නිසි ක්‍රමවේදයක් පවතිනවා. එම ක්‍රමවේදයට අනුව කටයුතු කළ යුතුයි. වරාය නගර ව්‍යාපෘතිය, රටට ආර්ථික වාසියක් ලැබෙන සේ දියත් කළයුතුයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල් සමඟ මිත්‍රශීලි සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුයි.

යම් ව්‍යාපෘතියක් දියත් කළ යුත්තේ රටට හිතකර නීතිරිති අනුව බව අපගේ මතයයි. වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත තුළ පවතින ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම් රැසක් නීතිය හමුවට ගොස් තිබෙනවා. අදාළ පෙත්සම් මේ වනවිට විභාග වෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදුවී මේ වන විට වසර 02 ක කාලයක් ගතව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පසු ජනතාව තුළ ඇතිවූ කම්පනය මත බලයට පැමිණ තුනෙන් දෙකක බලයක් ලබාගත් වත්මන් ආණ්ඩුවට, පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණයක් ඉටුකරමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීමක් පවතිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් දඬුවමක් ලබාදී ඇත්තේ කාහට දැයි කතෝලික ජනතාව සහ කාදිනල් හිමියන් විමසනවා.

ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස වත්මන් ආණ්ඩුව හඳුන්වාදී ඇත්තේ පසුගිය ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයිනුයි. ඒ අනුව ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ සැබෑ වුවමනාවක් ආණ්ඩුවට තිබේදැයි යන සැකය මතුවනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් මේ වන විට ප්‍රකාශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. රජයන් මාරු වුවද සැප්තැම්බර් ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු කරුණු සොයාගැනීමට ඇමෙරිකාව සමත්වුනා. මෙරට ජනතාව බලාපොරොත්තු වන්නේත් එවැන්නක්.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් යළි මෙරට තුළ සිදුනොවීම සඳහා එම ප්‍රහාරයේ අන්තය තෙක්ම කරුණු විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කළයුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳ අපට කිසිදු අයුරකින් සෑහීමකට පත්විය නොහැකියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට