2020 “ලෝක විවාහක රූ රැජින” කිරුළ අයර්ලන්තයේ කේට් ස්නයිඩර්ට..
2020 “ලෝක විවාහක රූ රැජින” කිරුළ, එම තරඟයේ දෙවන ස්ථානයට පත්වූ අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් හට ලබාදීමට එම තරඟ සංවිධායකයින් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. 2020 “ලෝක විවාහක රූ රැජින” කිරුළ හිමිකර ගත් ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි මහත්මිය සිය ජයග්‍රහණය අත්හරින බව නිවේදනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹි බව 2020 “ලෝක විවාහක රූ රැජින” තරඟයේ සංවිධායකයින් ඉහත තීරණය ගෙන ඇති බව වාර්තා වේ. 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇතිවූ සිදුවීමක් මත කැරොලයින් ජූරි මහත්මිය සිය ජයග්‍රහණය අත්හැරීමට තීරණය කරන ලද අතර එම සිදුවීම් සම්බන්ධයෙන් සිය කණගාටුව ද පළකරන ලදී.