සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගි ජන බලවේගයට බියෙන් ආණ්ඩුව මැයි දිනය අත්හිටුවලා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaකම්කරු දිනය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන තීරණයකට එළඹීමට දේශපාලන පක්ෂ වලට නොහැකි බවත් ජනාධිපතිවරයා ගමින් ගමට යෑමේදී සහ පසුගිය අවුරුදු සමය තුළ ගැටළුවක් ඇති නොවූ නමුත් මැයි දිනය ආසන්න වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවූයේ මන්දැයි යන සැකය මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ වඩිවේල් සුරේෂ් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

විශාල පිරිසක් මරණයට මෙන්ම පීඩාවට පත්කළ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ වසර 02 ක කාලයක් ගතව වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එසේ පවසා බලයට පත්ව මේ වනවිට වසරකට වඩා වැඩි කාලයක් ගතව ඇති නමුත් පැවසූ ආකාරයට නීතිය ක්‍රියාත්මක කර නෑ.

සමගි ජන බලවේගය සිය මැයි දින සමරුම සඳහා විශාල ජනතාවක් සහභාගි කරගන්නා නිසාත් සිය මැයි දින සැමරුම් අවස්ථා සඳහා එවැනි විශාල ජනතාව ගෙන්වා ගැනීමට නොහැකි බව දන්නා නිසාත් ආණ්ඩුව මැයි දින සැමරුම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජනතාව සිටින්නේ කා සමඟ දැයි මනාව දැකගැනීමට හැකිවන බැවින් හැකි නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින සැමරුම් පවත්වන්න ලෙස ආණ්ඩුවට අභියෝග කරනවා.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000/- ක් තෙක් ඉහළ දැමීම පිළිබඳ පැවති සාකච්ඡා අසාර්ථක වුනත් මේ වනවිට යම් තරමකට හෝ එම ගැටළුව විසඳී තිබෙනවා. වතු හාම්පුතුන්ගේ සංගමය අදාළ ගැසට් පත්‍ර වලට එරෙහිව අධිකරණය හමුවට ගමන් කළා. එහිදී තමන් හැර කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අධිකරණය හමුවට පැමිණියේ නෑ. මේ ආකාරයට හැසිරෙන වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අධිකරණය විසින් නිසි තීන්දු තීරණ ඉදිරියේදී ලබාදේවි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ කණ්ඩායම් කිහිපයක් අධිකරණයට හමුවට ගොස් තිබෙනවා. මෙරට තුළ වෙනත් රටකට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකියි. වරාය නගරය, කොළඹ මහ නගර සභාවටවත් අයත් නොවන බව අදාළ පනත් කෙටුම් පතෙහි සඳහන් වනවා. අධිකරණය විසින් ලබාදෙන ඕනෑම තීන්දුවක් අප පිළිගන්නවා.

මෙලෙස රටෙන් කොටසක් වෙනත් රටකට ලබාදෙන්නේ නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ලබාදීමට තිබුනා අවශ්‍ය නම්. යම් ලෙසකින් රටක් දියුණු වන්නේ නම් ඊට එකඟ විය යුතු නමුත් සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් සිදුකරන කොළඹ වරාය නගරය තුළින් රටට අහිතකර වෙනත් වෙනත් කාර්යයන් සිදුවන්නේ දැයි යන සැකය මතුව තිබෙනවා. මෙරට පවතින නීතියට පිටතින් යම් යම් කටයුතු සිදුවන බව අදාළ පනත තුළ සඳහන් වනවා.

මැයි දින සැමරුමට අප සූදානමින් සිටියා. පෙළපාලි නොපවත්වැන්නැයි පවසා තිබූ බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින සැමරුම් හෝ පැවැත්වීමට තීරණය කර තිබුනා. මැයි දින සැමරුම පැවැත්වීම පිළිබඳ තීරණයකට එළඹීම සඳහා පැවති සාකච්ඡාවට වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා නෑ.

දේශපාලන නියෝජිතයින් පමණක් කැඳවා සිය වාසිය වෙනුවෙන් මැයි දින සැමරුම පැවැත්වීම අත්හිටුවීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. සමගි ජන බලවේගයට සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති බිය හේතුවෙන් ආණ්ඩුව මෙසේ මැයි දින සැමරුම් පැවැත්වීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

උතුරු නැගෙනහිර තුළ මතුවූ ගැටළුවට වඩා කම්කරු ජනතාවගේ ගැටළුව වෙනස්. ඒ අනුව එම කම්කරු ජනතාව, සිංහල ජනතාව සමඟ එක්ව රට වෙනුවෙන් කටයුතු කරමින් සිය අයිතිවාසිකම් රැකගැනීමට උත්සාහ කරනවා. කිසිදු දිනෙක ආයුධ අතට නොගත් එම ජනතාව ජාතිවාදය පිළිබඳ කිසිදු විටෙක අදහස් පළකළේ නෑ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට