මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්‍ෂය ඉක්මවයි..
මේ දක්වා මෙරටින් හමුවූ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ (24) ලක්‍ෂය ඉක්මවා ගියේය. ඒ ඊයේ දිනය තුළ අසාදිතයින් 826 දෙනෙකු වාර්තා වීමත් සමඟිනි. ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවූ කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් ගණන 100,517 ක් සඳහන් වේ. මේ අතර ඊයේ දිනය තුළ නිරෝධායන නීති කඩ කරන ලද පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. මුහුණු ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කරන ලද පුද්ගලයින් 19 දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.