ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු මැද සහ වයඹ යන පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. බස්නාහිර සහ දකුණ යන ප්‍රදේශ ආශ්‍රිත වෙරළබඩ ප්‍රදේශවලද අද උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.