තමාව අත්අඩංගුවට ගැනීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන්ගෙන් පෙත්සමක්..
තමාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. පාස්කු ප‍්‍රහාරයට අදාළව පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළකමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙස අදාළ පෙත්සම මඟින් හරින් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇත. රහස් පොලිසියේ අධ්‍යක්ෂ, පොලිස්පතිතුමා, අමාත්‍ය සරත් වීරසේකර සහ නීතිපතිවරයා නම් කර ඇත.