සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන රීති කඩ කළ 426 දෙනෙක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 426 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (08) දිනයේ සිදුකළ වැටලීමක දී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි. මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 6,965ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මේ වන විටත් එම පිරිසෙන් පුද්ගලයින් 6,000කට අදාළ අධිකරණවල නඩු පවරා ඇති අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇත. මේ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතේ සිදුකළ මෙහෙයුමක දී ජංගම වෙළෙඳුන් 657දෙනෙක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් 114 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ දී ඉන් දෙදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට