සත්‍යයේ පුවත් අඩහැරය….

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන් ආසාදනය වූ පුද්ගලයින් මෙරටින් හමුවෙයි..

Podu Jana Peramunaරටවල් කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන් ආසාදනය වූ පුද්ගලයින් මෙරට විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටියි. කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සාම්පල් මගින් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී මෙම තත්ත්වයන් හෙළිව තිබේ. නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත එවන ලද පුද්ගලයෙකුට ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනයවී තිබෙන බව වාර්තා වී ඇත. එමෙන්ම B.1.351 නම්ද දකුණු අප්‍රිකාව තුළ ව්‍යාප්තවී තිබෙන වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකුද මෙරටින් හඳුනා ගෙන තිබේ.

ඒ අතර නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිපදෙනෙකු, ඩෙන්මාර්කය, යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්ත වෙමින් පවතින B.1.428 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ කිහිපදෙනෙකු, බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් වෛරසයේ ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිපදෙනෙකුද මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට