පක්‍ෂය විනය කඩකරමින් විපක්‍ෂය සමඟ සන්ධාන ගතවූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුව ගත් තීරණය…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ විනය කඩකරමින් පසුගිය 05 වන දින සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති හා කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවට පක්‍ෂයේ ක්‍රියකාරී සාමාජිකයකු පැවසීය. පක්‍ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව එය ක්‍රියාතක්මක කිරීමට නියමිත බවත්, අදාළ කරුණු සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවටද වැඩිදුරටත් පැවසීය.