ස.ජ.බ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කොමිසමක් පත් කරනවා, ලක්‍ෂමන් කිරිඇල්ල…
පසුගිය දින මෙරට තුළ පාස්කු ඉරිදා දින අලලා සිදුකෙරුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයන් සිදු නොවන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. කෙසේවෙතත් ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශණ කොමිෂන් සභාවක් පත්කරන බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.