තෙවන තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර 50 එක්දින තරඟාවලියේ තුන්වැනි සහ අවසන් තරඟයෙන් ලකුණු 97 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත් විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 286 ක් ලබාගන්නා ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් පෙරේරා ලකුණු 120 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 189 ක් පමණි. පන්දුවෙන් දස්කම් දැක්වූ දුෂ්මන්ත චමීර කඩුලු 05 ක් දවාගන්නා ලදී.