සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක ගුවන් තොටුපල විවෘත කරයි ..

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කටුනායක ගුවන් තොටුපල අද අලුයම යළි විවෘත කරන ලදී. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සදහා පෙර දැනුම්දී තිබු සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ අනුව එක් ගුවන් යානයකින් දිවයිනට පැමිණිය හැක්කේ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්  පී ඒ ජයකාන්ත මහතා පවසයි. කෙසේවෙතත් ඉන්දියාව සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමිනොවන බව සඳහන් වේ. මෙම නිවේදනය  ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත දන්වා ඇත. එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද  මෙම තහනම බලපැවැත්වෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ එරට තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරයාම හේතුවෙන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට