සත්‍යයේ පුවත් අඩහැරය….

සංචරණ සීමාවන් උල්ලංඝණය කරන්නන් නිරෝධායනයට – පොලිසීය ..

Podu Jana Peramunaසංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඊයේ දිනයේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ඒ පිළිබඳව දැනුම්දී ඇත. ඒ අනුව, යම් පුද්ගලයෙක් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බව අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදී. මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ දිනයේ කොළඹ නගරයට ඇතුළු වූ වැඩිම වාහන ප්‍රමාණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට