සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතාව මත කුමන හෝ බරක් පටවා මුදල් ඉපයීම ආණ්ඩුවේ අරමුණ බවට පත්ව‍ෙලා – සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව, ඉන්ධන මිල පෙර පැවති තත්ත්වයට පත්කරන්නේ නම් කතානායකවරයාට භාරදීමේ අවශ්‍යතාවයක් පැනනොනඟින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. අද (21) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී තිස්ස අත්තනායක මහතා පහල පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ආණ්ඩුවේ තීරණයක් නොවන බව පෙන්වීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීම හරහා රුපියල් කෝටි 5400 ක මුදලක් උපයාගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ජනතාව මත බදු බරක් පටවා මුදල් උපයාගැනීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබෙන බව පැහැදිලියි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල ලෙස පහළ ගොස් තිබූ අවස්ථාවේ එම සහනය ජනතාවට ලබානොදුන් ආණ්ඩුව අසීමිත ලෙස ලාභ ඉපයීමට කටයුතු කළා. පැරණි ඉන්ධන මිල යටතේ ඉන්දියානු තෙල් සමාගම ලාභ ලබමින් සිය ව්‍යාපාරය සිදුකළත් තෙල් සංස්ථාවට එසේ ලාභ ලැබිය නොහැක්කේ මන්දැයි විමසීමට සිදුවනවා. මුදල් උපයා ගැනීම සඳහා වෙනත් කිසිදු උපාය මාර්ගයක් නොමැති බැවින් ඉන්ධන මිල ඉහළ දමා හෝ මුදල් ඉපයීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

රසායනික පොහොර භාවිතය අත්හිටුවීම සඳහා ආණ්ඩුව විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව දිවයින පුරා ගොවීන් උද්ඝෝෂණ සිදුකරමින් සිටිනවා. මෙම අත්තනෝමතික තීරණය තුළින් මෙරට තේ ආදායම 50% කින් පමණ පහළයාමේ අවදානමක් මතුව තිබෙනවා. අනෙකුත් සියළු භෝග වගාවන්ටද මෙම තීරණය ඉතා අහිතකර ලෙස බලපානවා. වසවිස රහිත ආහාර සහ විදේශ විනිමය ඉතිරිකර ගැනීම යන සටන්පාඨ ඉදිරිපත් කරමින් මෙම තීරණයට එළඹ තිබෙන ආණ්ඩුව මේ හරහා සිදුවන පාඩුව කෙරෙහි සිය අවධානය යොමුකර නැහැ. මේ අනුව ඉදිරියේදී සහල්, එළවළු සහ පළතුරු ආදියෙහි දැවැන්ත හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. රසායනික පොහොර භාවිතය අත්හිටුවා කාබනික පොහොර වගාවට හුරුවීම සඳහා වසර 05 ක හෝ 10 ක දිගුකාලීන වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ජාතික සැලසුමක් ඔස්සේ තමයි මෙවැනි තීරණ ක්‍රියාත්මක කළයුත්තේ.

මේ වනවිට මෙරට විදෙස් සංචිත සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව මහබැංකුව පවසා තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 කටත් වඩා අඩුවනු ඇතැයි අනුමාන කර තිබෙනවා. මෙරට තුළ ඩොලර් බිලියන 5 ත්, 7 ත් අතර විදෙස් සංචිත ප්‍රමාණයක් පැවතිය යුතුයි. 2019 දී යහපාලන ආණ්ඩුව වත්මන් ආණ්ඩුවට රට භාරදෙන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 කට ආසන්නව පැවතියා.

කොළඹ නගරය ආශ්‍රිත වටිනාකමින් ඉහළ මර්මස්ථාන සෙලන්දිවා සමාගම හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. එමෙන්ම සහස්යා නම් සමාගම හරහා මෙරට අධිවේගී මාර්ග සහ එම මාර්ග දෙපස ඉඩම් විදේශ සමාගම් කිහිපයකට අලෙවි කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දේශපාලන පළිගැනීම් සහ දේශපාලන දඩයම් කිරීම් සිදුවෙමින් පවතින බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් තබාගැනීමෙන් වැළකීම, සිවිල් පරිපාලනයක් පැවතිය යුතු ස්ථාන සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම අත්හිටුවීම සහ දිගින් දිගටම මානව හිමිකම් කඩවීම නිසා රට තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගීම ආදිය සිදුකරන්නැයි යුරෝපා සංගමය මෙරටට අවධාරණය කර ඇතත් වත්මන් ආණ්ඩුව එම ඉල්ලීම් සියල්ල උද්ධච්ච ලෙස ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ජී.එස්.පී. ප්ලස් සහනය අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි වාර්තා වනවා. මෙය බරපතල තත්ත්වයක්.

වට ප්‍රමාණය අනුව පොල් මිල නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කර තිබෙනවා. මෙරට තුළ අසාර්ථකම ගැසට් ප්‍රමාණයක් නිකුත් කළේ වත්මන් ආණ්ඩුවයි. ව්‍යාපාරිකයින් සහ මෙරට වෙළඳපොළ කිසිදු ලෙසකින් ආණ්ඩුවේ ගැසට් ගණන් ගත්තේ නෑ.

ජීවන වියදම පිළිබඳ අනු කමිටුව සහ කැබිනට් මණ්ඩලය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර නොමැති බව පැවසෙනවා. ඒ අනුව මෙම තීරණය ආණ්ඩුවේ තීරණයක් නොවන බව ආණ්ඩුවේම ඇතැම් පිරිස් පවසනවා. ඒ අනුව ඉන්ධන මිල පහළ දමා ජනතාවට යම් සහනයක් ලබාදීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව පවතිනවා. බැසිල් රාජපක්ෂ රට තුළ සිටියේ නම් මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමක් සිදුනොවනු ඇතැයි තවත් පිරිසක් පවසනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ මුදල් අමාත්‍යංශයේ සහ ජීවන වියදම පිළිබඳ අනු කමිටුවේ එකඟතාවය අනුව යැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. මෙවැනි තීරණයකට මුදල් අමාත්‍යංශයට එකඟවිය හැක්කේ කැබිනට් අනුමැතිය මත පමණක් බව අවධාරණය කළ හැකියි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට එරෙහිව ගොඩනැගී තිබෙන ජනතා විරෝධය පාර්ලිමේන්තුව හරහා රටටත් ආණ්ඩුවටත් දැන්වීමේ අරමුණින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළා. ඒ අනුව සාගර කාරියවසම් ඇතුළු තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව අදහස් පළකරන ආණ්ඩුවේ සියළුදෙනාටද මෙම විශ්වාසභංග යෝජනාවට එක්විය හැකියි.

ආණ්ඩුව තුළ අර්බුද රැසක් මතුව තිබෙන බව මනාව පැහැදිලි වනවා. සිය විෂය පථයට අයත්ව තිබූ ආයතනයක් ගලවා දැමීම හරහා විමල් වීරවංශ මහතාට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව පෙනීයනවා. ඒ අනුව පල නොකියා පළා බෙදන තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් තවදුරටත් ආණ්ඩුවේ රැඳීසිටින්නේදැයි තීරණය කරන ලෙස ආණ්ඩුව සමඟ සිටින කුඩා දේශපාලන ව්‍යාපාරර වෙත අවධාරණය කරනවා.

රට නිසි ලෙස පාලනය කළ හැකි දක්ෂ පිරිසක් තමන් සතුව සිටින බව වියත් මඟ සංවිධානය හරහා පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළා. නමුත් අද වනවිට එම සියළුදෙනාම පාහේ අසාර්ථකවී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ජනතාව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමයි.

බලය ලබාගැනීම සඳහා කුමන්ත්‍රණ කරමින් සිටින බවට එල්ලවන චෝදනා සියල්ල තමන් ප්‍රතික්‍ෂේප කරනවා. කිසිදු විටෙක කුමන්ත්‍රණ මඟින් බලය ලබාගැනීමට අපේක්ෂා නොකරන සමගි ජන බලවේගය බලය ලබාගන්නේ ජනතා වරම අනුව පමණක් බව අවධාරණය කළ හැකියි.

එන්නත්කරණය සිදුවන ස්ථාන වල ආණ්ඩුවේ දේශපාලඥයින් සිට ගෙන සිටින ආකාරය දැකගත හැකියි. එන්නත්කරණයේදී සියළුදෙනාටම සමානව සැලකිය යුතු නමුත් මේ වනවිට එන්නත්කරණය දේශපාලනීකරනය වී තිබෙන බව.

ඇතැම් පිරිස් පවසන පරිදි සමගි ජන බලවේගය තුළ කිසිදු ගැටුමක් ඇතිවී නෑ. පවතින යම් යම් මතයන් අපගේ ප්‍රතිපත්තිමය වැඩසටහන් සඳහා බාධාවක් නොවෙයි. අපගේ මූලික අරමුණ ශක්තිමත්ව ඉදිරියට යාම පමණක් බව.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව කරා පැමිණීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කිසිදු බියකට පත්වී නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම අපට කිසිදු අභියෝගයක් වන්නේ නෑ. මෙය අදාළ වන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. තනිව පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂයක් කණපිට පෙරළිය හැකිදැයි විමසීමට සිදුවනවා. සමගි ජන බලවේගය තුළ සිටින්නේද හතළිස් ගණනක පිරිසක් වන බැවින් එක් අයෙකු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ හැටක පිරිසක් සමඟින් යැයි පළවන මත කිසිදු ලෙසකින් පිළිගත නොහැකියි. එකට හැටයි යනුවෙන් පවසන්නේ කුමන පිරිස සමඟදැයි අප දන්නේ නෑ. මෙවැනි මානසික රෝග සඳහා ප්‍රතිකාර නැහැ. එක්සත් ජාතික පක්ෂය වත්මන් තත්ත්වයට පත්වූයේද මෙවැනි අධිතක්සේරුවක් ඇතිකර ගැනීම නිසයි. ඇතැම් පිරිස් පවසන ආකාරයට සමගි ජන බලවේගයේ කිසිවෙකුත් වෙනත් ස්ථානයක සිටගැනීමට කටයුතු කරන්නේ නෑ.

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන ලිපිලේඛන, වසංගත තත්ත්වය සමනය වූ වහාම ජනාධිපතිවරයා වෙත යැවීමට හැකිවවේවි. රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ඉල්ලාසිටීම සඳහා සාධාරණ කරුණු රැසක් තිබෙන බව.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට