සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් පාර්ලිමේන්තු එන්නේ රට ගොඩනැඟීමට මිස අනුන්ගේ ගෙවල් කඩාබිඳ දැමීමට නොවෙයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaයළි පාර්ලිමේන්තුවට පැමිණීමට වුවමනාවක් නොතිබූ රනිල් වික්‍රමසිංහ මහතා, කෝවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා කළ යෝජනා පිළිබඳ ආණ්ඩුව කිසිදු අවධානයක් යොමුනොකිරීම හමුවේ මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාවත් බිඳවැටෙමින් තිබෙන ආර්ථිකයත් ගොඩගැනීමේ අරමුණින් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක කිත්සිරි මංචනායක මහතා විසිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

දිනෙන් දිනම රට දරුණු ආර්ථික ආගාධයකට පත්වෙමින් තිබෙනවා. භාණ්ඩ 7200 ක් සඳහා යුරෝපා සංගමය විසින් ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය මෙරටට අහිමිවීමේ අවදානමක්ද මතුවෙලා. මෙම තත්ත්වය මෙරට ඇඟළුම්, ධීවර ඇතුළු කර්මාන්ත රැසකට අහිතකර ලෙස බලපෑ හැකියි. 2015 ට පෙර පැවති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැරදි සහගත ප්‍රතිපත්ති හමුවේ මෙරටට අහිමිවූ ජී.එස්.පී. ප්ලස් සහනය, යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කර යළි මෙරටට ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. බව.

අද වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 03 ක් දක්වා පහළ බැස තිබෙනවා. ශ්‍රී ලංකාවට පසුපසින් සිටි බංගලාදේශයේ විදෙස් සංචිත ප්‍රමාණය පවා ඩොලර් බිලියන 45 කට ආසන්නවී තිබෙනවා. මේ අනුව මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ලොව රටවල් අකමැත්තෙන් පසුවනවා.

රනිල් මෛත්‍රී ආණ්ඩුව රට විකුණාදමන බවත් කන්න නැතත් ඉන්න රටක් අවශ්‍ය බවත් පවසමින් විවිධ ප්‍රචාර ගෙන ගොස් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කළ ස්වාමීන් වහන්සේලා ඇතුළු කණ්ඩායම්, රටම විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීම හමුවේ මුනිවත රකිමින් සිටිනවා.

ලෝක වෙළඳපොල තුළ ඉන්ධන මිල පහළ ගිය අවස්ථාවේදී එම සහනය ජනතාවට ලබානොදුන් වත්මන් ආණ්ඩුව, ආදායමක් උපයාගැනීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ දමා ජනතාව මත විශාල බරක් පටවා තිබෙනවා. සහල්, එළවළු ආදී සියළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් මේ වනවිට විශාල ලෙස ඉහළගොස් තිබෙනවා. රටේ ප්‍රදේශ රැසකට සහල් සපයන මරදගහමුල සහල් වෙළඳපලෙහි සහල් මිලද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදේ ගිලීයාම හේතුවෙන් සාගර පරිසරයට දැවැන්ත විනාශයක් සිදුවෙලා. මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ධීවර ජනතාවට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නෑ. රට නිසි ලෙස ඉදිරියට ගෙනයාමට ආණ්ඩුවට නොහැකිව තිබෙන බව මේ වනවිට මනාව පැහැදිලිවී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ විශාල කතාබහක් මතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ සමගි ජන බලවේගයේ බහුතර පිරිසක් කැමැත්තෙන් පසුවන නමුත් කිහිපදෙනෙකු පමණක් බියට පත්ව සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීම සඳහා මිස අන් අයගේ ගෙවල් කඩා බිඳදැමීමට නොවෙයි. ආණ්ඩුවට එරෙහි වත්මන් විපක්ෂයේ කාර්යය ප්‍රමාණවක් නොවන බවට මතයක් රට තුළ ඇතිව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බවට තීරණය වූ දා සිට විවිධ මත පළකල සමගි ජන බලවේගයේ පිරිසගෙන් 99% ක පමණ ප්‍රමාණයක් දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන්. තම දේශපාලන ගුරුවරයා පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයේ කාර්යයට සහාය ලබාදීම පිළිබඳ එම පිරිස සතුටු විය යුතු යුතුයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට