සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තැපෑලට වාර්තා ගත ආදායමක් ..

Podu Jana Peramunaශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ රුපියල් කෝටි 28කට අධික (රුපියල් මිලියන 284ක්) මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව අද දින උපයා ඇති බවත් ඉන් රුපියල් කෝටි 22 ක් විදුලි බිල් අයකිරීම් මගින් ලබාගත් බව සඳහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ බිල්පත් ගෙවීමට පැමිණි අය කළ ගෙවීම්ද ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇති බව සඳහන් වේ. තැපැල් දෙපාර්තමේන්තුව දෛනිකව උපයන මුදල රුපියල් කෝටි 14 ත් 15 ත් අතර වන බව ද සඳහන් වේ. සංචරණ සීමා පැවති කාලයේදී විදුලි, ජල බිල්පත් ගෙවීමට නොහැකිව සිටි පිරිස් සංචරණ සීමා ඉවත් කළ වහාම පැමිණ එම බිල්පත් ගෙවීම මෙම ආදායම ලැබීමට හේතු වූ බව පැවසේ. තැපැල් දෙපාර්තමේන්තුව මේ දිනවල මුද්දර, පාර්සල් බෙදාහැරීම ආදී සේවා මගින්ද වෙනදාට වැඩි ආදායමක් හිමිකරගෙන ඇතැයි තැපැල්පතිවරයා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට