කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..
අද (26) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ හිගුල් ඔය, මහවත්ත, දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්ස්වර්ත් වත්ත, කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ හැළමඩ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
නාහේන යන ප්‍රදේශ මෙසේ හුදකලා කර ඇත.