අන්තර් පළාත් බස් ධාවනයට තවදුරටත් අවසර නෑ..
වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් බස් රථ කිහිපයක් හෝ ගමන්වාර කිහිපයක් සඳහා අවසර ලබාදීමට හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි. කොවිඩ් කමිටුව විසින් අන්තර් පළාත් බස් රථ කිහිපයක් හෝ ගමන්වාර කිහිපයක් සඳහා අවසර ලබාදිය නොහැකි බව දන්වා ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසයි.