සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක 04 ක, ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි ..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති බවත් අද උදෑසන 06 යේ සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක වේ. මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බල ප්‍රදේශයේ කනුල්වෙල ග්‍රාම නිලධාරී වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 01,02,03 සහ 04 යන වතු නිවාස එලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපය වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයට අයත් කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගමවත්ත ද අද උදෑසන 06 යේ සිට හුදෙකලා කර ඇති බව සඳහන්ති වේ. කලුතර දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූවවත්ත සහ ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමට අයත් දිවිතුරුවත්ත ප්‍රදේශය ද අද උදෑසන 06 යේ සිට හුදෙකලා කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට