සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සුරංගනා කථාවක්, සමගි ජන බලවේගය…

Podu Jana Peramunaපසුගියදා ජනාධිපතිවරයා විසින් සිදුකළ ජාතිය ඇමතීම සුරංගනා කථාවක් බව අද (30) දින විපක්ෂය මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කරන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේ පා.ම තුෂාර ඉඳුනිල් මහතා, අධ්‍යාපන සේවක සංගමය නියෝජනය කරමින් ප්‍රියන්ත පත්බේරිය සහ රමිත් විජේසිරි යන මහත්වරුන් සහභාගී වී ඇති අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදුකළ ප්‍රකාශයේදී අධ්‍යාපනය සම්බන්ධවද යම් යම් කරුණු ප්‍රකාශ කළ බවත් කොරෝනා වසංගතය නිසා වසරකට වැඩි කාලයක සිට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නිසි පරිදි අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකිව බරපතල ගැටළුවකට මුහුණදී සිටින බවත් දුෂ්කර ප්‍රදේශ වල සිටින දරුවන්ට නිසි ලෙස අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය හරහා සිදුකිරීමට නොහැකි වී ඇතත් සමස්ත රටටම බලපාන එකම විභාගයක් පැවැත්වීමට කටයුතු කිරීම තුළින් අසාධාරණයට පත්ව සිටින දරුවන්ට කිසිදු සහනයක් නොලැබෙන අතර එම අසාධාරණය නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

රටේ සමස්ත පාසල් ප්‍රමාණය 10180 ක් වන අතර එම පාසල් වලට ෆයිබර් ඔප්ටික් උපකරණ ලබාදීමට කටයුතු කළ බවට ජනාධිපතිවරයා පවසා සිටියත් එය අසත්‍යක් බවත් පාසල් වලට අඩුම වශයෙන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය විෂ බීජ නාශක ද්‍රව්‍ය ලබානොදුන් ජනාධිපතිවරයෙක් මේ ආකාරයට පැවසීම විහිළුවක් බවට වපක්ෂය චෝදනා කරයි. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනි නාලිකා 02 ක් ආරම්භ කරන බවට සඳහන් කලද, නාමල් රාජපක්ෂ මහතාද ඩිජිටල් අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන කටයුතු සඳහා නියමිත වැඩසටහනක් ආරම්භ කරන බවටද සඳහන් කලද, මේ දක්වා එවැනි කිසිවක් සිදුව නොමැති බව විපක්ෂය අවධාරණය කරයි.


වත්මන් ජනාධිපතිවරයාට 2/3 ක බලයක්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරමින්ද විශාල බලයක් ලබාදුන්නද එම බලය තුළින් නිසි පරිදි රට පාලනය කිරීමට නොහැකිවී ඇති අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ යන පවුඩර් බබාව පාර්ලිමේන්තුවට ගෙනඒමට සුදානම් වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිසි ලෙස සිය ධුරයේ රාජකාරිය සිදුකිරීමට නොහැකි නිසා වෙනත් රාජපක්ෂවරයෙක් නම් කිරීම සහ පවුඩර් යොදා නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට සුදානම් වන බවට ඔවුන් චෝදනා කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට