තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පැමිණෙයි..
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (04) අලුයම මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. චීනයේ බෙයිජිං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 869 දරන ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ. අදාළ එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදීමට නියමිතව ඇත.