බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම, වෙබ් අඩවියේ හිමිකරුත් අත්අඩංගුවට..
බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ සිදුවීමට අදාළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම වෙබ් අඩවියේ මුදල් පාලකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතැ. ඒ අනුව මෙම සිදුවීමට අදාළව මේ දක්වා සැකකරුවන් සහ සැකකාරියන් 26 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.