නිරෝධායන නීති උල්ලංඝණය කළ 234 ක් දැලේ..
ගත වු දිනය පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කර සිටියි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පුද්ගලයින් 49,042 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.