තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් දිවයිනට..
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් අද (22) අලුයම් කාලයේ මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. මෙම එන්නත් ප්‍රමාණයද සමඟ මේ දක්වා මෙරටට රැගෙන එන ලද මුළු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91 ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් මඟින් අද අළුයම මෙම එන්නත් ප්‍රමාණය කටුනායක ගුවනතොටුපළ වෙත රැගෙනවිත් තිබේ.