සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටට අවශ්‍යවී ඇත්තේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නොවෙයි – “සැබෑ දේශප්‍රේමියෝ” සංවිධානය

Podu Jana Peramunaරටට අවශ්‍ය ඇත්තේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නොවන බවත් එම විකල්පය, ජාතියකට, ආගමකට, කුලයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැබෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතු බවත් ඒ සඳහා කැපවන බවත් “සැබෑ දේශප්‍රේමියෝ” සංවිධානය අවධාරණය කර සිටියි. දශක හතක් පුරා මෙරට බලකෙන්ද්‍රයන් විසින් ආගාධයට ඇද දමා ඇති ශ්‍රී ලංකාව, තාරුණ්‍යයේ ජවයේ එකමුතුවෙන් නිවැරදි දිශාවට ගොඩනැගීමේ අලුත් ගමන “සැබෑ දේශප්‍රේමියෝ” යන මැයෙන් එළිදක්වමින් ඊයේ (25) ‍කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉහත අදහස් පළකරන ලදී.

මෙම මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වන ලදී.

අපගේ මෙම ආරම්භක මාධ්‍යය සාකච්ඡාව පවත්වන්නට තීරණය කළේ මෙරට ඉතිහාසයේ කලු පැල්ලමක් ලෙස සැලකෙන කලු ජූුලියට 38 වසරක් සපිරෙන මොහොතකදීයි. අද අපි රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයට හේතු හදපු තවත් එක තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කලු ජූලිය හඳුන්වන්න පුළුවන්. 1948 දී අපි නිදහස ලබාගන්නා විට ආසියාවේ දියුණුම රටක් හැටියට සැලකුවා. නමුත්, එදා අපට වඩා දිළිඳු යැයි සැලකු රටවල් ඇතුළුව, අද ලොකයේ බොහෝ රටවල් ඉහත තාක්‍ෂණික යුගයක් කරා ගමන් කරමින් ඉන්න මේ මොහොතේ අපි බංකොලොත්භාවයේ පතුලටම වැටී ලෝකයෙන් හුදෙකලාවු අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා.

ඊළඟ සතියේ ජූලි 27 වෙනිදාට පෙර අපට, 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට තිබෙනවා. එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා ගෙවන්නට තිබෙනවා. මම මුදල් අමාත්‍යවරයා ලෙස 2019 දී භාණ්ඩාගාරය භාරදෙන විට එහි ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක් පමණවූ විදේශ විනිමය සංචිතය, ලබන 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6 කට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා. අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600 කින් පමණ අඩුවෙලා. පසුගිය දශක 7 කදී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දී. 1988 න් පසු විශාලතම අයවැය පරතරය 2020 දී වාර්තා වුනා. වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීම සඳහා ඉතිහාසයේ වසරකදී මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය වසරේදී මුද්‍රණය කළා. ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලුතෙන් ලබාගත් ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2 කින් පමණ වැඩිවෙලා.

මේ නිසාම මේ තත්වය තුළ පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධන වලට ඩොලර් බිලියන 1.2 ක් පමණ ගෙවන්නට ඇති නිසා ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.

දශක ගණනාවක් තිස්සේ ඊනියා දේශප්‍රේමය විකුණගෙන කෑ දේශපාලනය නිසාත්, ඊනියා දේශප්‍රේමි ඉදිරියේ රැවටුන ඡන්ද දායකයා නිසාත්, වරින්වර අපගේ රාජ්‍යය නායකයන් නිවැරදි දේ කිරීමට උත්සහා කරපු අවස්ථාවලදී පවා, ඊනියා දේශප්‍රේමි නාමයෙන් ඒවාට හරස් කැපු විපක්ෂ නිසාත්, අද අපේ රට මේ තැනට වැටී ඇති බව අපි හැමෝම පිළිගත යුතුයි. ඇත්තෙන්ම කියනවානම් රාජ්‍ය පාලනය සම්බන්ධ වූ මා ඇතුළු අනෙක් සියලුදෙනාත්, මේ අද තියෙන තත්ත්වයට කිසියම් මට්ටමකින් හෝ වගකිව යුතුයි.

1965 දී පංච මහා බලවේගයේ නාමයෙන් ඇති කරන ලද බහුතරවාදී කුහක ලිංමැඩි මානසිකත්වයත්, පසුගිය මැතිවරණයේදි එහි කූට ප්‍රාප්තියට පත්වීමත්, මේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි. අද සර් ෆේල් කියලා හැමතැනම කියනවා. නමුත් ඇත්තටම අද ෆේල් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නොවෙයි. එතුමා නියෝජනය කරන ආගම්වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයයි. අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු වූ රජයයි. අද ෆේල් වෙලා තියෙන්නේ ස’ ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965 න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනයවූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි. කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.

ද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි. ප්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්, මේ ඉන්න තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගතයුතුයි. ඒ ගැන සංවාදයක් ආරම්භ කළයුතුයි. රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ජයගන්නේ කොහොමද කියලා සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සාකච්ඡා කළයුතුයි. එපමණක් නොව ළිං මැඬි මානසිකත්වයෙන් මිදිලා, අපේ රටේ දරුවන් වෙනුවෙන් ලෝකය ජයගන්නේ කෙලෙසකදැයි සැලසුම් කළයුතුයි. අපේ රටේ දියුණුව, ආරක්ෂාව, ස්වෛරීභාවය ගැන විතරක් නෙවෙයි, අපේ දරුවන්ට අනාගතයේදී උරුම වෙන රටේ හැඩරුව ගැනත් කතා තළයුතුයි. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් නොවී ලෝකය එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුම මොහොත මේ මොහොතයි. හෙට හෝ ලබන අවුරුද්දේ නෙවෙයි.

අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි. ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි. මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍යයි.

පරිසරය, ගස්කොළං, සතා සිවුපාවා ආරක්ෂා කරන මතවාදයක් අවශ්‍යයි. ”සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” කියන පිළිවෙත කටපාඩමෙන් කියන වචනවලට විතරක් සීමා නොවන ක්‍රියාවෙන්ම ඉටු කරන මතවාදයක් අවශ්‍යයි. 1948 දී අපිට නිදහස ලැබුණත්, නව නිදහස් රාජ්‍යයට අත්තිවාරමක් දමන්නට බැරිවීම මහා විනාශයට හේතුවයි.

ශ්‍රී ලංකාව කියන මාලිගාව ඉදි කරන්නට සෑම රජයක්ම උත්සාහ කරේ අත්තිවාරමක් නැති බිමකයි. අත්තිවාරමක් නොදමායි. ඒ නිසාම හදන හදන තට්ටුව කඩා වැටිලා වසර 73 ක් තිස්සේ අපි හදලා තියෙන්නේ අහසේ මාළිගා විතරයි. ඒ නිසා දැන්වත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් කරා ගමන් කරමු. මැද පිළිවෙත නොහොත්, මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් විදිහට පෙනී සිටින්නට කැමති, සියලු දෙනාගේ මධ්‍යස්ථානයක් ලෙස “Freedom Hub” අවකාශය ක්‍රියාත්මකයි. සමාජ මාධ්‍යජාලා තුළින් අපි සමග එක් වෙන ලෙස අපි සියලු සැබෑ දේශප්‍රේමීන්ට ආරාධානා කරනවා. මේ අසීරුම තැන සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සීරුවෙන් සිටිය යුතුම මොහොතයි.

මෙම මාධ්‍ය හමුවේදී සැබෑ දේශප්‍රේමියෝ සංවිධානයේ සාමාජිකයින් වන චින්තන ධර්මදාස, භාග්‍යා වීරකෝන්, ශෙහාන් මාලක ගමගේ, සුමීර ගුණසේකර, තිළිණි වාසනා, අරුණ වෙන්කටේෂ් සහ අමන්දා මෙලනි ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සිය අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට