ඊයේ ආසාදිතයින් 1653 වාර්තා වෙයි, සමස්තය 298169 ක් දක්වා ඉහළට..
ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,653 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම ආසාදිතයින් ප්‍රමාණයද සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 298,169 ක් දක්වා ඉහළ ගොස් ඇත.