ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා යලිත් දිවයිනට…
කොවැක්ස් පහසුකම යටතේ ජපානය ප්‍රදානය කළ එන්නත් තොගයක් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ 28,460 ක් ලැබීමට නියමිත අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයින්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් තොගය යොදවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.