සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පිස්තෝලයක් හෝ හිසට නොතබාම ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Podu Jana Peramunaකොවිඩ් මාරයා අතවනමින් සිටින අවස්ථාවක ජනතාවගේ ගෙල මිරිකමින් සිටින වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සියළුම භාණ්ඩ මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර පිස්තෝලයක් හිසට නොතබා ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කරයි. ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් මෙම අදහස් පළකල රෝහිණී කවිරත්න මහත්මිය එහදී පහත පරිදි තවදුරටත් අදහස් පළකළාය.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගියදා මියගිය මෙරට පුවත්පත් කලාවට දැවැන්ත සේවයක් සිදුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සහ ඔහුගේ පුතණුවන් වන දමිත ගුණරත්න යන මහත්වරුන්ගේ එම අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

මෙරට වාර්ෂික සීනි පරිභෝජනය ටොන් ලක්ෂ 03 ක් වුවත් පසුගිය සමය තුළ ශත 25 බද්ද යටතේ සීනි ටොන් 650000 ක් මෙරටට ගෙන්වා තිබෙනවා. ගජමිතුරන් පෝෂණය කිරීම සඳහා අදාළ බද්ද පහළදැමීම හේතුවෙන් රටට අහිමිවූ බදු මුදල රුපියල් කෝටි 1590 ක්. එසේ වැඩි ප්‍රමාණයක් සීනි මෙරටට ගෙන්වුවත් පසුගිය සති කිහිපය තුළ සීනි මිල විශාල ලෙස ඉහළ ගියේ කෙසේදැයි විමසීමට සිදුවනවා. සීනි සඳහා වන බද්ද පහළට දැමීමෙන් පාරිභෝගිකයාට කිසිදු සහනයක් නොලැබුනු නමුත් ආණ්ඩුවට බලයට පත්වීම සඳහා උපකාර කළ ගජමිතුරන් පමණක් ඉන් පෝෂණය වුනා. මේ වනවිට සීනි මිල පාරිභෝගික අධිකාරියේ පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා. සීනි මිල හෝ නිසිලෙස පාලනය කර ගැනීමට නොහැකි නම් ජනතාවගේ බදු මතින් පවත්වාගෙන යන පාරිභෝගික අධිකාරිය වැනි ආයතනයක් මෙරටට අවශ්‍ය වන්නේ නෑ.

පොහොර ගැටළුව හේතුවෙන් මෙරට ගොවීන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටිනවා. මෙරට ගොවීන්ගෙන් 90% ක පමණ පිරිසක් රසායනික පොහොර භාවිතා කරන බව මෙන්ම පොහොර ගැටළුව හේතුවෙන් 47% කින් පමණ අස්වැනු පහළ යනු ඇති බවට සමීක්ෂරණයකින් තහවුරුවී තිබෙනවා. ඒ අනුව මෙරට ආහාර සුරක්ෂිතතාවයට සිදුවන්නේ කුමක්දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවනවා. කාබනික පොහොර භාවිතයට හුරුවීම ක්‍රමානුකූලව සිදුකළයුතුයි. කාබනික පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් නිසි දැනුමක් ඇත්තේ මෙරට ගොවීන්ගෙන් 20% ක පමණ පිරිසකට පමණයි. ජනතාව නොමඟ යවමින් සිටින වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ජනතාවට කුසගින්නේ මියයාමට සිදුවේවි.

රාජ්‍ය ආදායම විශාල ලෙස පහළයාමට හේතුවූ, බලයට පත්වූ සැණින් බදු කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය තුළින් ආණ්ඩුවේ ගජමිතුරන් දැවැන්ත අදායමක් උපයාගත්තා. ලොව වටා සිඟමනේ යමින් සිටින ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප පවා ඉල්ලමින් සිටිනවා.

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම තුළින් හෝ සුබෝධනී වැටුප් වාර්තාව පරිදි ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මානව හිමිකම් සම්බන්ධයෙන්ද රට තුළ ගැටළු රැසක් මතුව තිබෙනවා.

රට ගොඩගන්නා බව පවසමින් මුදල් කළමණාකරනය භාරදුන් මොළ හතේ මුදල් අමාත්‍යවරයාට උකුණු හිසක තරම් හෝ මොළයක් නොමැති බව මේ වනවිට මනාව පැහැදිලිවී තිබෙනවා. කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බැවින් ගුරු අරගලය තුළින් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවූ බවට රට තුළ ප්‍රචාරයවූ මතය, ව්‍යාජ ප්‍රචාරයක් බව මේ වනවිට ඔප්පුවී තිබෙනවා.

මහනුවර පෙරහැර පැවැත්වීමෙන් පසු මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව වසංගතයේ යම් රැල්ලක් ඇතිව තිබෙන බව පෙනීයනවා. අවම වශයෙන් පෙරහැරට සම්බන්ධවූ පිරිස, පී.සී.ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණයන්ට භාජනය කිරීමට කටයුතු කළයුතුව තිබුනත් එසේ කළේ නෑ. ඉතා පහළ වැටුප් තලයක සිටින නමුත් විශාල කැපකිරීමක් කරන ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුවට වහාම විසඳුම් ලබාදෙන බව පවසමින් බලයට පැමිණියද ගුරුවරුන් කෙරෙහි සංවේදී නොවන වත්මන් ආණ්ඩුව, කිසිදු විටෙක ජනතාව පිළිබඳ සංවේදීව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකියි.

යහපාලන ආණ්ඩුව රුපියල් 10000/- ක වැටුප් වැඩිවීමක් ලබානොදුන්නේ නම් ගුරු විදුහල්පතිවරුන්ට වහකෑමට සිදුවනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව, මෙතෙක් කිසිදු එකඟතාවයකට පැමිණ නෑ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට