සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කළ බැවින් “අපි තමයි හොඳටම කළේ” යැයි පැවසීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaපොළොන්නරුව ජනතාවගේ හදවත ලෙස හැඳින්විය හැකි, වගාබිම් අක්කර 20000 ක් පෝෂණය කරන, ඓතිහාසික පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් සකස් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර මෙය, ඇවිදින මංතීරු සකස්කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක්දැයි විමසීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසයි. ඊයේ (29) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී කින්ස් නෙල්සන් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

රට සංවර්ධනය වියයුතු බව අප පිළිගන්නවා. නමුත් මෙය ඇවිදින මංතීරු සකස්කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක් නොවෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල් යොදා පොළොන්නරුව ප්‍රදේශයේ රෝහල් වලින් එකක් හෝ අයි.සී.යූ. පහසුකම් සහිත ඇඳන් ලබාදී අංගසම්පූර්ණ රෝහලක් බවට පත්කළ නොහැක්කේ මන්දැයි ආණ්ඩුවෙන් විමසනවා. ප්‍රදේශයේ මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින්, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සහ ගොවීන් ඇතුළු කණ්ඩායම් වලින් විමසා දියත්කළ යුතුව තිබූ නමුත් එසේ කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආරම්භ කළ ඉහත ව්‍යාපෘතියට ප්‍රදේශයේ 95% ක පමණ ජනතාවක් විරෝධය පළකර තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව සමයේදී යම් විනාශයකට ලක්වූ පරාක්‍රම සමුද්‍රය ශක්තිමත් කිරීමට සිය පියා කටයුතු කළ බැවින් පරාක්‍රම සමුද්‍රය සම්බන්ධයෙන් පෙනීසිටීමට තමන්ටද යම් අයිතියක් තිබෙනවා. ඇවිදින මංතීරුවක ඇවිදීම සඳහා හෝ මුලින්ම ජනතාව ජීවත් වියයුතු බව ආණ්ඩුවට අවධාරණය කරනවා. වැව් බැම්ම කපා ඇවිදින මංතීරුවක් සකස්කරන්නේ නිධානයක් ගැනීමට දැයි විමසිය යුත්තේ එසේ වැව් බැම්ම කපන පිරිසගෙන්මයි.

සීනි කිලෝ 01 ක් මිලදී ගැනීම සඳහා වී කිලෝ 04 ක් විකිණීමට සිදුව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යවරයා කෙලෙස පම්පෝරි ගැසුවද වී සඳහා සහතික මිලක් ලබාදීමට මෙතෙක් ආණ්ඩුව කටයුතු කර නෑ. කුඩා සහල් මෝල් හිමියන්ට බලපෑම් එල්ලකිරීම නිසා ගොවීන් ගැටළු රැසකට මුහුණදී සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මේ වනතෙක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත්තේ 11% ක පමණ පිරිසක් පමණයි. ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කළ බැවින් “අපි තමයි හොඳටම කළේ” යැයි පැවසීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ.

වසංගතයක් පවතිද්දී පවා ජනතාව වීදි බසින්නේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙනුයි. සිය පුද්ගලික මුදල් වැයකර මාර්ගගත ක්‍රමවේදය යටතේ ඉගැන්වීම් සඳහා යොමුවූ ගුරුවරුන්ට කිසිදු පහසුකම් ලබානොදුන් ආණ්ඩුව එසේ ගුරුවරුන් මාර්ගගත ක්‍රමය යටතේ ඉගැන්වීම පිළිබඳ මෙතෙක් කිසිවක් පවසා නෑ.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳ උපදෙස් ලබාදීමක් හෝ දැනුවත් කිරීමක් සිදුකර ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේ, කුමන ගොවියාටදැයි විමසීමට සිදුවනවා. කිසිදු ගොවියෙකු මේ දක්වා මහ කන්නය සඳහා සූදානම්වී නෑ. කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ නම් මුදල් ලබාදෙන බව පවසමින් ගොවීන් වෙත ලබාදී පත්‍රිකාවේ පොහොර ඉල්ලීමෙන් වළකින්නැයි සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.

සංචාරකයින්ට නිදහසේ ගමන් කළහැකි වාතාවරණයක් රට තුළ නිර්මාණයවී ඇද්දැයි විමසිය යුතුයි. ශ්‍රී ලංකාව තුළ මෙන් විශාල ලෙස වසංගතය ව්‍යාප්තවී නොමැති ලොව දියුණු රටවල් පවා සිය රටට සංචාරකයින් ගෙන්වීමට මෙතෙක් කටයුතු කර නෑ. වසංගතය ආරම්භවූ මුල් අවස්ථාවේ සිටම ජනතාවට සහන ලබාදීමට වැඩපිළිවෙල් රැසක් දියත් කළද ඒ පිළිබඳ කිසිදු සංදර්ශනයක් නොපැවැත්වූ සමගි ජන බලවේගයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයේ අරමුදලට මේ මස වැටුප පරිත්‍යාග කළා.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන් එන්නත්කරණ වැඩසටහන්වලදී චිට් ලබාදී තම හිතවතුන්ට එන්නත් ලබාගැනීමට විපක්ෂයේ කිසිවෙකු, කිසිදු අවස්ථාවක උත්සාහ කර නෑ. සියළු ජනතාවට සාධාරණ ලෙස එන්නත් ලබාදිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරනවා. සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් මර්දන බලකායට සම්බන්ධ කර නොගන්නේ මන්දැයි ආණ්ඩුවෙන් විමසිය යුතුයි.

රුපියල් 2000/- ක දීමනාව හිමිවනු ඇත්තේ ජනතාවගෙන් ඉතා සුළු පිරිසකට පමණයි. ගැටළු 100 ක් විමසා රුපියල් 2000/- ක් ලබාදීමෙන් පළක් නෑ. පම්පොරි ගැසීම නවතා මුදල් නොමැති බව පිළිගෙන පත්ව ඇති තත්ත්වයෙන් රට ගොඩගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට