සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ නිසිලෙස පාලනය කළහැකි, සුදුසු පිරිසකට රට භාරදීම පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුවේ අවසාන භාගයේදී පැවති සහල්, සීනි, පොල්, මූහුදු මාළු, එළවළු, සැමන් සහ පරිප්පු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන්, මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් සෞභාග්‍යයේ මඟ මෙයදැයි වත්මන් ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බවත් මෙම තත්ත්වය හමුවේ ජිවන බර දරාගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළකල පාඨලී චම්පික රණවක මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ඉවක් බවක් නොමැතිව නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම, රට තුළ මතුව තිබෙන ඩොලර් හිඟය, පොහොර ගැටළුව, වැරදි සහගත රාජ්‍ය මූල්‍ය කළමණාකරණය ආදී හේතූන් මත රට ඉතා අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. වැඩිවන ජීවන වියදම හමුවේ සියළුදෙනාගේම ආදායමෙන් 50% ක පමණ ප්‍රමාණයක් අහිමිවෙමින් පවතිනවා.

ලබන දෙසැම්බර් මාසය වනවිට රටේ තත්ත්වය තව තවත් දරුණු වේවි. ඒ අනුව ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ නිසිලෙස පාලනය කළහැකි, සුදුසු පිරිසකට රට භාරදීම පමණයි.

රට වසාදැමීම නිසිලෙස සිදුවී නෑ. මෙලෙස රට වසාදැමීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මේ ආකාරයට රට වසාදැමීම ජනතාව රැවටීමක් පමණයි. ආර්ථිකය කඩාවැටී ඇත්තේ රට වසාදැමීම නිසා බව පෙන්වීමට පමණක් ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.

වත්මන් ආණ්ඩුවේ පිරිස් විපක්ෂය තුළ සිටින විට විවිධ ව්‍යාජ මත රට තුළ ඇතිකරමින් පැවති ආණ්ඩුව පෙරළාදැමීමට දැඩි ලෙස උත්සාහ කළා. නමුත් වත්මන් විපක්ෂයේ අරමුණ වන්නේ ආණ්ඩුව පෙරළීම නොව, වසංගතය මර්දනය කිරීමේ කාර්යය වෛද්‍ය විශේෂඥයින්ට, සෞඛ්‍ය බලධාරීන්ට සහ රටට ආදරය කරන පිරිස් වෙත භාරදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. ඒ අනුව ‍‍දේශපාලඥයින්, මෝඩයින් සහ ජාවාරම්කරුවන් එම කාර්යයන් වලින් පසෙකටවී සිටිය යුතු බව අප අවධාරණය කරනවා.

වෙළඳ අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය සාදනයවීම පිළිබඳ අප කණගාටු වනවා. ලෝක වෙළඳපොළේ සීනි මිල කීයදැයි විමසා බලන ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මෙරට සීනි මිල ඉහළගොස් ඇත්තේ ලෝක වෙළඳපොළේ සීනි මිල ඉහළයාම නිසා බවට කළ ප්‍රකාශය පිළිබඳ වෙළඳ අමාත්‍යවරයා ලැජ්ජා වියයුතුයි. මෙවැනි ව්‍යාජ ප්‍රකාශ නොකර සිය ධූරයෙන් ඉවත්වන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා එසේ නොකරන්නේ සීනි ජාවාරම්කරුවන්ගෙන් ඔහුට මුදල් ලැබෙන නිසාදැයි යන සැකය මතුව තිබෙනවා.

සීනි, ඖෂධ ආශ්‍රිතව සිදුකර ජාවාරම් අත්හිටුවන්නේ නම් ජනතාවට සහන මිලකට එම ද්‍රව්‍ය ලබාදිය හැකියි. වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට මූලික වූ පැණි ප්‍රවර්ධනය වැනි ආණ්ඩුවේ අවිද්‍යාත්මක ක්‍රියාවලියේ ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් තිබෙනවා.

ඒ අනුව කූපන් යුගය, පෝලිම් යුගය සහ ජාවාරම්කාර යුගය නුදුරේදීම වඩාත් තීව්ර වේවි. වසංගතයේ වේදනාව හොඳින්ම දන්නේ රෝගය වැළඳුනු පිරිස් මිස වසංගතය පිළිබඳ පුරාජේරු පවසන වෛරසය ආසාදනය නොවූ පිරිස් නොවෙයි. ආණ්ඩුවේ මුග්ධ බව උද්ධච්චභාවය මනාව පැහැදිලි වන එවැනි පුරාජේරු තුළින් සිදුවන්නේ ජනතාවගේ තුවාලය යළි පැරීමක් පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප යනු ඉතා සුළු මුදල් ප්‍රමාණයක් පමණයි. විවිධ ව්‍යාපාර සිදුකරමින් විශාල ලෙස ආදායම් උපයන දේශපාලඥයින් රටට ආදර්ශයක් ලබාදිය යුතුයි. ඒ අනුව සමගි ජන බලවේගය “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ මුදල් සොරකන ජාවාරම්කරුවන්ගෙන් එම මුදල් යළි අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි.

රට තුළ මේ වනවිට උද්ගතව ඇත්තේ මාර්ග කාපට් කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, ජලාශයක රළපනාව විනාශ කර ඇවිදින මංතීරු සකස් කිරීම වැනි කාර්යයන් සඳහා සුදුසු අවස්ථාවක් නොවෙයි.

හාල් පොල්ල, මිරිස් පොල්ල, පරිප්පු පොල්ල, සීනි පොල්ල සහ පොලිස් පොල්ල කරා රට ගමන් කරමින් තිබෙනවා. මෙම තත්ත්වයන්ට එරෙහිව ජනතාවම පොල්ල අතට ගන්නා දිනය නුදුරේදීම දැකගැනීමට හැකිවේවි. පීඩාවට පත්ව සිටින ජනතාවගේ දුක සහ වේදනාව ප්‍රකාශ කරන අරගලය අප ඉදිරියටම ගෙන යනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට