සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට රටක් ලෙස පෙනී සිටිනවා – ජනපති ..

Thissaඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නාවික නිදහස වෙනුනේ ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මෙහෙයුම් සඳහා දායකවීමට තීරණය කළ බවය. සය දින යුද්ධය නිසා වසර 10ක් තිස්සේ සූවස් ඇළ වසා තැබීම කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය සිහිපත් කළ ජනාධිපතිවරයා සීමාවලින් තොරව නාවික කටයුතු සහත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඊයේ (28) කොළඹ දී ආරම්භ කෙරුණු ‘පාත් ෆයින්ඩර්’ පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තෙවන අදියරේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්ප්‍ කර ඇත. ශ්‍රී ලංකාව මෙන්ම කලාපිය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණදීමට සිදුව ඇති ප්‍රධාන පක්ෂවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා ‘පාත් ෆයින්ඩර්’ පදනම සමඟ එක්වීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී ඇත. ඉන්දියන් සාගරය “එක් තීරයක්  එක් මාවතක්” වැඩසටහනේ හෝ ඉන්දු පැසිෆික් වැඩසටහනේ කොටසක් ලෙස සැලකිය නොහැකි අතර ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපායමාර්ගික භූ දේශපාලනික කලාපයක් බවට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට