සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වාසභංගය පරාජය කළත් කතානායකගේ ක්‍රියාකලාපය සමාජගත කරනවා, කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්…

Thissaඉදිරි ජනාධිපතිවරණය සඳහා ස.ජ.බ.යේ අශ්වයා සුදානම් බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. අද (28) විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පැවසූ අතර ජනාධිපතිවරණයේදී ගව්ගණනක දුරක් තබා ස.ජ.බ.ය දිනන බවත්, ජනමතය පවතින්නේ කොතනද යන්න රට පුරා යන විට පැහැදිලි බවත් පැවසීය.

මාර්ගගත සුරක්ෂික කිරී‍මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට කටයුතු කර ඉන් පසුව පාර්ලිමේන්තු වාර අවසන් කළ බවත්, ඉන් පසුව පසුගිය 07 දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට කටයුතු කළත්, ඒ අනුව කථානායකවරයා අදාළ පනතට අත්සන් කරනු ලබන්නේ පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇති කාල සීමාවක් තුළ බැවින් වාර අවසන් කර ඇති කාලය තුළ ව්‍යාවස්ථාපිත කරුණු කිසිවක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා එහිදී පැහැදිළි කරනු ලැබීය.

යම් කිසි පනතක් නීතියක් බවට පත්වීම සිදුවන්නේ කථානායකවරයාගේ අත්සනින් වන නිසා එම අත්සන ව්‍යාස්ථාපිත දෙයක් වන බැවින් පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසුව අදාල පනතට අත්සන් කිරීමට කථානායකවරයාට හැකියාව තිබියදී සිතාමතාම වාර අවසන් කර ඇති කාලය තුළ අදාළ පනත අත්සන් කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බව කිරිඇල්ල මහතා චෝදනා කරනු ලැබීය.

කථානායකවරයාට එරෙහිව ගෙනු එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් එතුමාගේ ක්‍රියාකලාපය සමාජගත කිරීමට කටයුතු කරන බවත්, අද වන විට ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීම නතර කර ඇති බවත්, විදේශ අමාත්‍යවරයා මාර්ගගත ක්‍රමය හරහා ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත්, සැසිවාරයට සභාගිවී මතුකරන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත්, පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට