සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති පත්කිරීම නීතිය උල්ලංගනය කිරීමක්, ස.ජ.බ.යෙන් ජනපතිට චෝදනා…

Thissaපොලිස්පත් දේශබංදු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසයි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ දක්වා පොලිස්පතිවරුන් 35 දෙනෙකු පත්කර ඇතත් වත්මන් පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත්තේ නීති විරෝධී සහ පිළිගත් සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංගනය කරමින් සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුවට එරෙහිව කටයුතු කිරීමක් බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිය අභිමතය පරිදි අත්තනෝමතික ලෙස සිදුකර ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ලෙස අභියෝගයට ලක් කිරීමක් වනු ඇති අතර රට තුළ නීතිය ආධිපත්‍ය තහවුරු කිරීමට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් බවත්, පටු දේශපාලන අරමුණු ඉලක්ක කරගනිමින් මෙලෙස කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවස්ථා ගණනාවකදී විවිධ චෝදනාවන්ට ලක්ව අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයක චූදිතයකු ලෙසද නම් කර ඇති බවත්, ඒ අනුව අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේදී සොයාගත් මුදල් ආපසු නොදීම සම්බන්ධව විභාගවන නඩුව, පාස්කු ප්‍රහාරයේදී නීතිය බලාත්මක නොකළ නිලධාරියකු ලෙස බරපතළ ලෙස චෝදනාවට ලක්වීම, හිටපු පොලිස් නිලධාරියෙකු වූ ශානි අබේසේකර මහතාට එරෙහිව අනීතිකව කටයුතු කිරීම සම්බන්ධව නඩු කීපයක චූදිතයකු වීම, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ වද හිංසා පැමිණීම් සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 දෙසැම්බර් 14 වන දින නියෝගයක් ලබාදීම, පසුගිය මැයි 09 වනදා “ගෝඨා ගෝ ගමට” පහර දීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය, තරුණ මාධ්‍යවේදියෙකු වූ තරිඳු ජයවර්ධන මහතා වෙත තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කිරීම හා අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ට වද හිංසා පැමිණවීම සහ විවිධ අනීතික බලපෑම් එල්ල කිරීම යනාදිය වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට