සත්‍යයේ පුවත් අඩහැරය….

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන සමඟ පාඨලි රුසියානු තානාපති හමුවට…

Thissa‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන රුසියානු තානාපතිවරයාට භාරදීමට පාඨලී චම්පික රණවක මහතා කටයුතු කර ඇත. ඊයේ (28) දින බෞද්ධාලේක මාවත, කොළඹ 07 පිහිටි රුසියානු තානාපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදුවී ඇති අතර ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන වැඩසටහනේ යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රීව පාඨලී චම්පික රණවක මහතා විසින් රුසියානු තානාපතිවරයා ඇතුළු පිරිසට පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින සම්බන්ධතා පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති අතර පසුගිය දින මෙරට සංචාරයක යෙදුණු රුසියානු සංචාරකයින් මුහුණ දුන් හිංසාකාරී සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා විසින් සිය කෘතඥතාව පල කිරීමද කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ නායක පාඨලී චම්පික රණවක, පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, උප සභාපති වෛද්‍ය හර්ෂ ගමගේ යන මහත්වරු සහභාගී වී ඇත.
b4a55f6a-0b86-4713-a92c-0e334daabdfc

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට