සත්‍යයේ පුවත් අඩහැරය….

බිත්තර සඳහා උපරිම මිලක් නියම කෙරේ ..

Thissaබිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත. ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවති බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යංශයේදී පවත්පැවන ලදී. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රඳවා තබා ගනිමින් කෘතිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙදපොළ තුළ බිත්තර සුලභ කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට