අප්‍රේල් වැටුප 10දාට පෙර…
උත්සව සමයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් මස 10 වෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. තවද, අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ඒ සමග ගෙවන රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. මීට අමතරව විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද අප්‍රේල් මස දහවෙනිදාට පෙර විශ්‍රාම වැටුප ගෙවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.