සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිරෝද රථ පිළිබද නව පනතට විරෝධය පළ කරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 /><span style=මෙරට ත්‍රිරෝද රථ සේවාව බහු ජාතික සමාගම් වෙත පැවරීම සිදුවන, වත්මන් අාණ්ඩුව විසින් නිකුත් කළ ත්‍රිරෝද රථ සම්බන්ධ නව නීති හදුන්වාදෙන ලද අතිවිශේෂ පනතට විරෝධය පළ කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (18) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් විතානගේ මහතා පවසා සිටියේ අදාළ පනත මගින් මෙරට ත්‍රිරෝද රථ සේවාව බහු ජාතික සමාගමක් වෙත පැවරීම තුළින් රියදුරු මහතා වෙත ලැබෙන්නේ අාදායමෙන් 30% ක ප්‍රමාණයක් පමණක් බවත් අදාළ සමාගම ඉතිරි 70 % ක ප්‍රමාණය ලබා ගන්නා බැවින් මෙම තත්ත්වය ඉතා අසාධාරණ බවයි. මෙරට රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයින් සහ අාරක්ෂක අංශ සාමාජිකයින් වැඩි පිරිසක් තම රාජකාරී වලින් පසුව කුලී ත්‍රිරෝද රථ සේවාවේ යෙදීම, ත්‍රිරෝද රථ රැකියාවේ සත්‍ය වශයෙන්ම යෙදෙන පුද්ගලයින්ට සිදු කරන දැඩි අසාධාරණයක් බවත් මෙම තත්ත්වය මැඩපැවැත්වීම සදහා බලධාරීන් මැදිහත් විය යුතු බවත් රංජිත් විතානගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. අදාළ නව පනත මගින් මෙන්ම විවිධ ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ඉදිරියේදී සටන් කරන බවද විතානගේ මහතා මෙහිදී පවසා සිටින ලදී. ‍

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට