මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පීලිපැනීමක්, දුම්රිය ධාවනයට බාධා..
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දුම්රිය ස්ථානය අසළදී සිදුවූ දුම්රිය පීලිපැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා එල්ල වී අැති බව දුම්රිය දෙපාර්තමෙන්තු අාරංචි මාර්ග පවසා සිටියි. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන ලද ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මෙසේ පීලිපැන අැති අතර මේ වන විට අදාළ දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කළ බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.