අැමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිවුරුම් දෙයි..
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස හෙට (20) දිවුරුම් දීමට නියමිතව අැත. ඇමරිකානු කැපිටල් මන්දිරයේදී අගවිනිසුරු ජෝන් රොබට්‌ස් ඉදිරියේ මෙම දිවුරුම්දීම සිදුකිරීමට නියමිතය. මෙම දිවුරුම් දීමේ උත්සවය කඩාකප්පල් කිරීම සදහා ට්‍රම්ප් විරෝධීන් විසින් විවිධ විරෝධතා දැකුවීමට කටයුතු යෙදා අැති බවද වාර්තා වේ.