සත්‍යයේ පුවත් අඩහැරය….

සයිටම් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගැන වගකියන්නේ කවුද..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම සම්බන්ධයෙන් වන පනත් ක්‍රියාත්මක කිරීම සදහා රජය වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වන අතර එය වෘත්තීය සමිතියෙක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. පෙරේදා (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා විසිනි.

වැඩිදුරටත් අදහස් පළ කරමින් සමන්ත ආනන්ද මහතා පවසා සිටින ලද්දේ මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වන නිවැරදි තොරතුරු අධිකරණයට වාර්තා වී නොමැති බවයි. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නියමිත ප්‍රමිති තත්ත්වයේ පවතින බව නීතිය ඉදිරියේ තහවුරු වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම තත්ත්වය ජනතාවට හෙළිදරව් කිරීමට කටයුතු කර නොමැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට පටහැනිව කටයුතු කිරීම නිසා රටතුළ මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි. සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා වෛද්‍ය වෘත්තීයට එළඹෙන වෛදවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සම්බන්ධයෙන් වගකීම භාරගනු ලබන්නේ කවුරුන්ද යන්න විමසා සිටින බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට