වේග සීමාව සංශෝධනය කරන්න,ත්‍රීරෝද රථ සංගම් වලින් ඉල්ලීම්..
ත්‍රීරෝද රථ ධාවනයේදී පනවා ඇති වේග සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ඉල්ලීම් කළ බව ත්‍රීරෝද රථ සංගම් පවසා සිටියි. ත්‍රිරෝද රථ නියාමනය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ ඇතුළත් කරුණු කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද අදාළ ත්‍රිරෝද රථ සංගම් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.