තමිල්නාඩු මහඇමැති ලෙස එඩප්පාඩි පලනිසාමි පත් වෙයි..
තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමැති ලෙස අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ එඩප්පාඩි පලනිසාමි පත් කර ඇති බව වාර්තා වේ. තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුකාරවරයා විසින් මෙම පත්කිරීම සිදුකර අැති අතර මෙම තත්ත්වයත් සමග අන්නා ඩී. එම්. කේ. පක්‍ෂය දෙකඩ වීමට වැඩි ඉඩක් පවතිනු අැතැයිද විදෙස් වාර්තා පවසා සිටියි.