සත්‍යයේ පුවත් අඩහැරය….

අලුත්වැඩියාවක් නිසා දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය දින 04 ක් වැසේ..

 /><span style=ලබන 23 වන දින රාත්‍රි 10.00 සිට 27 දින පෙරවරු 04.00 දක්‌වා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. දෙහිවල සහ වැල්ලවත්ත අතර සැතපුම් 06 අසළ පිහිටා ඇති පැරණි දුම්රිය පාලම ඉවත් කර නව දුම්රිය පාලමක්‌ සවි කිරීම සදහා මෙසේ දුම්රිය මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව ලබන 24 සිට 26 වැනිදා දක්‌වා මාතර, ගාල්ල සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රියන් දෙහිවල දුම්රිය ස්‌ථානය දක්‌වාද මාතර, ගාල්ල සහ අලුත්ගම තෙක් ධාවනය වන දුම්රියන් දෙහිවල දුම්රිය ස්‌ථානයෙන්ද ගමන් ආරම්භ කරනු අැති අතර ලබන 27 දා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයන් සිදු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තු පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට