සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පහතට අැද දමන “සයිටම්” විද්‍යාලයට එරෙහිව දැවැන්ත අරගලයක් සිදු කරනවා – පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බවට වන රටේ බහුතර මතය, තම සංවිධානයද පිළිගන්නා බවත් මෙම වෙෙද්‍ය විද්‍යාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව විසින් අැපෑලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු බවත් පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. අද (17) පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැදවුම්කරු වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක සහ ලක්ෂ්මන් කිරිඅැල්ල යන මහත්වරුන් විසින් සයිටම් වෙෙද්‍ය විද්‍යාලය සතුව සුපිරි අාචාර්ය මණ්ඩලයක් සිටින බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව මුලා කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම පුද්ගලික වෙෙද්‍ය විදයාලය නිසා රටේ සෞඛ්‍ය අංශය දැඩි පසුබෑමකට ලක්වන බැවින් ඉදිරියේදී සමස්ත ජනතාවම ඒකරාශි කරගනිමින් සයිටම් විරෝධී දැවැන්ත අරගලයක් සිදු කිරීමට කටයුතු කරන බවත් වෙෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෙෙද්‍ය අසංග වික්‍රමසිංහ සහ සාමාජිකයින් වන වෙෙද්‍ය නලින් හපුඅාරච්චි යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට