සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සම්පත් සහ අායතන විකුණා දමන අාණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ගොවි, කම්කරු බලවේගයක් ගොඩ නගනවා – ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය

 /><span style=රාජ්‍ය සම්පත් සහ අායතන විකුණා දමමින් වත්මන් අාණ්ඩුව ගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ගොවි, කම්කරු දැවැන්ත බලවේගයක් සකස් කරන බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් අද (17) නාරාහේනිපිට අභයාරාමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා විසිනි.

සීමා නිර්ණ වාර්තාව අද දිනය තුළ ගැසට් කිරීමට නියමිතව අැති බවත් ඉන් අනතුරුව විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන දිනය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කළයුතු බවත් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැදවුම්කරු ඩබ්.එච් පියදාස මහතා පවසා සිටියේ සහල් කිලෝවක මිල රුපියල් 110/- ක් දක්වාත් පොල් ගෙඩියක මිල රුපියල් 80/- ක් දක්වාත් ඉහළ යෑම නිසා ජනතාව, වැලේ වැල් නොමැති තත්ත්වයකට පත්ව අැති බවත් රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 2500/- කින් ඉහළ දමන ලෙස පියවර ගන්නා ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි. රටේ උද්ගතව අැති මෙම තත්ත්වයට වගකිව යුතු වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඩබ්.එච් පියදාස මහතා තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට