පළාගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,364දෙනෙකු අත්අඩංගුවට ..
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සාමාජිකයින් 1,364දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පසුගිය ජනවාරි 1වැනි දා සිට මේ දක්වා කළ වැටලීම්වලදී හමුදා සාමාජිකයින් මෙලස අත්අඩංගුවට ගෙන ඇත. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඒ අතරින් 1,030දෙනෙකු යුද හමුදා සාමාජිකයින් බවය. එමෙන්ම නාවික හමුදා සාමාජිකයින් 286දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 18දෙනෙකු ඊට අයත් බව හෙතම වැඩිදුරටත් සඳහන් කර සිටින ලදී. ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය 42,500දෙනෙකු පමණ දිවයින පුරා සිටින බව ද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.