සත්‍යයේ පුවත් අඩහැරය….

ශ‍්‍රී ලංකා, ඔස්ටේ‍්‍රලියාව තීරණාත්මක දෙවන තරඟ අද ..

 /><span style= සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියාව අතර දෙවන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය අද (19) පැවැත්වීමට නියමිතව ඇත. ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00 ට පමණ තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර  මෙම තරගාවලියේ පළමු තරගය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ක‍්‍රීඩා කරන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුව බව කණ්ඩායම් නායකයා පවසනු ලබයි. අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග‍්‍රහණය ද අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි වනු ඇත. එමෙන්ම ඔස්ටේ‍්‍රලියාවේදී දෙරට අතර මෙතෙක් පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ද ශ‍්‍රී ලංකාව වීම විශේෂත්වයක්. මේ අතර පළමු තරගයට ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරනු ඇති බවයි ක‍්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කරනු ලබයි. පළමු තරගය ජයගැනීමට හැකි වීම හේතුවෙන් ඉහළ මානසිකත්වයකින් යුතුව අද තරගයට ක‍්‍රීඩා කරන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට