සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා තරුණයෙකු අත්අඩංගුවට ..

 /><span style=වේයන්ගොඩ – මාලිගාතැන්න ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. වේයන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයේ තිබී මුද්‍රණය කරන ලද රුපියල්  5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සහ රුපියල් සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අද(19) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට